අල්ලාහ් යන වචනයේ අරුත :-
අල්ලාහ් යනු අරාබි භාෂාවෙන් "දෙවියා" යන අරුත දෙනු ලබයි.එය මුස්ලිම් වරුහදුන්වන එකම දෙවියාය .
මුස්ලිම්වරු "අල්ලාහ් " ලෙස පවසන විට ඔවුන් සරලව හදුන්වන්නේ ඒකීය සත්‍ය දෙවියාය.අල්ලාහ් යන වචනයට බහු වචනයක් හෝ ලිංග බේදයක් නොමැත.
සමහරුන් දෙවියා (God ) යන වචනයට දෙවියන් (Gods ) ලෙස බහු වචනද ස්ත්‍රී දෙවියන් (Goddess) හා පුරුෂ දෙවියන් ලෙස වෙන් කොට නමදිනු ලබති . නමුත් මුස්ලිම්වරු හට "අල්ලාහ් " යනු සර්ව බලධරියාය , විශ්වයේ නිර්මාර්තෘ වරයා හා පෝෂකයා ඔහුය එමෙන්ම ඔහු හා සමාන කිසිවක් නොමැත.
මේ දක්වා අල්ලාහ්ව දුටු කෙනෙක් මෙලොවෙහි නොමැත .මිට පසුවද මෙලොවෙහි අල්ලාහ් දකින කෙනෙක්ද නොමැත .ඔහුව දකින්නට බැරි බව ඔහු පවසයි .
දර්ශණ ඔහු කරා නොයයි ;ඔහුට පෙනෙන්නේය: ඔහු (කිසිවෙකුගේ දර්ශනයට හසු නොවන ) සුක්ෂමයාය ; සියලු දේ ගැන (තියුණු ලෙස ) හදුනන්නාය. (ශු.කූ 6:103)
එහෙයින් මෙවන් මැවුම් කරුවෙකු ගැන දැන ගත හැකි එකම මාර්ගය ,ඔහුම - ඔහු ගැන මිනිසුන්ට දැන්විය යුතුය යන්නය. සත්‍ය මැවුම්කරු වූ අල්ලාහ් විසින් පහල කළා වූ අල් - කුරානයේහි ,ඔහු - ඔහු ගැන පැහැදිලිවම විස්තර සදහන් කරයි.
අල්- කුරානයේ අල්ලාහ් ගැන විස්තර වන කරුණු කිහිපයක් සලකා බලමු :-
1.අල්ලාහ් එක්කෙනෙකි ,ඔහු අවශ්‍යතාවයන්ගෙන් තොර වූ කෙනෙකි ,එනම් ඔහු සර්වසම්පුර්ණය,ඔහුට ආරම්භයක් හෝ අවසානයක් හෝ ඔහුගෙන් පැවත එන්නන්ද නොමැත ,ඔහු හා සමාන කිසිවක් නොමැත .
(ශු . කූ 112:1-4 )
1.1. අල්ලාහ් එක් කෙනිකි :
ඔහුට අයියා ,මල්ලී ,දු-පුතුන් ,බිරියන් නොමැත .ඔහු තනි කෙනෙකි .(බහු දේව ඇදහීම් එනම්
බොහෝ දෙවිවරු ඇති බව විශ්වාසය කිරීම - මිනිසා විසින්ම තමාට කිසිසේත් සොයාගත නොහැක ,
නොදැකිය හැකි මැවුම්කරුවෙකු ගැන සිතීම පමණකි )
1.2.අවශ්‍යතාවයන්ගෙන් තොර වූ කෙනෙකි :
ඔහුට කෑම බීම ,බිරියන්,දු-පුතුන් අනවශ්‍යය.කිසිම දෙයක් ඔහුට අවශ්‍ය වන්නේ නොමැත .
1.3.ඔහුට දව කිසි කෙනෙකු ඉපදුනේ නැත :
ඔහුට බිරියන් නොමැත ,එහෙයින් ඔහුගෙන් පැවත එන්නන්ද නොමැත .
1.4.ඔහු කිසිවෙකුට දව ඉපදුනේ නැත :
ඔහුට මාපියන් නොමැත ,එහෙයින් ඔහුට ආරම්බයක් නොමැත .
1.5.තවද ඔහුට සමානව කිසිවෙකු නොමැත .
ඉහත දැක්වූ ගුණාංග කිසිවෙකුට නොගැලපේ .එහෙයින් ඔහුට සමානව කිසිවෙකු නොමැත .